ඇෆ්ගනිස්ථාන භූ චලනයෙන් ජීවිත දහසක් මිහිදන්

ඇෆ්ගනිස්ථාන භූ චලනයෙන් ජීවිත දහසක් මිහිදන්

by Staff Writer . 22-06-2022 | 8:22 PM

COLOMBO (News 1st) – ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල චලනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,000 ඉක්මවා ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් පුද්ගලයින් 1,500 ක් පමණ තුවාල ලබා ඇති බවයි. භූ චලනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.1 ක් ලෙස සටහන්වී තිබිණ. භූ කම්පනයෙන් වැඩිම බලපෑම් එල්ල වී තිබුණේ, ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා ප්‍රාන්තයටයි. දශක දෙකකට පමණ පසු ඇෆ්ගනිස්ථානයට බලපෑ ප්‍රබලතම භූ කම්පනය මෙය වන අතර භූ චලනය සිදුවන අවස්ථාව වන විට බොහෝ පිරිසක් නින්දේ පසුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.