COLOMBO (News 1st) - විදෙස් රටක සිට තැපැල් දෙපාර්තමේන්තුවට එවන ලද පාර්සලයක තිබී රුපියල් දහතුන් කෝටි හැට හතර ලක්ෂයක වටිනාකමින් යුත් මත්පෙති තොගයක් රේගු භාරයට ගෙන තිබේ.
ඒ, රේගුවේ තැපැල් තක්සේරු අංශය හා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය කළ පරීක්ෂාවකදීය.
ඇඳ ඇතිරිලි 07 ක ඔතා එලෙස එවා තිබූ මත්පෙති සංඛ්‍යාව 13,640 කි.
පසුගිය මාර්තු මස 04 වැනිදා අදාල මත්පෙති තොගය මධ්‍යම තැපැල් හුවමාරුව වෙත නෙදර්ලන්තයේ සිට එවා ඇත්තේ මොරටුව ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයකටයි.
අදාල පාර්සලය භාර ගැනීම සඳහා කිසිවෙකු නොපැමිණීම හේතුවෙන් රේගු නිලධාරීන් අද එය පරීක්ෂා කර තිබුණි.
අදාල මත්පෙති තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී තිබේ.
