ලංවිම සභාපති කළ ප්‍රකාශය ජනපති ප්‍රතික්ෂේප කෙරේ

ඉන්දියානු බලපෑම් සහ අදානි සමාගම ගැන කෝප් කමිටුවේදී ලංවිම සභාපති කළ ප්‍රකාශය ජනපති ප්‍රතික්ෂේප කෙරේ

by Staff Writer . 11-06-2022 | 7:04 PM

COLOMBO (News 1st): මන්නාරම සුළං බල ව්‍යාපෘතිය කිසියම් නිශ්චිත පුද්ගලයකුට හෝ ආයතනයකට ප්‍රදානය කිරීමට නියම කළ බවට කෝප් කමිටුවේදී විදුලිබල මණ්ඩල සභාපතිවරයා කළ ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

ට්ව්ටර් පණිවුයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වගකියයුතු සන්නිවේදනයක් ඇති කරනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.   ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ(10) කොප් කමිටුව හෙවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැඳවනු ලැබිණි. එහිදී මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට ලබා දීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දුන් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා මෙසේ සඳහන් කළේය.
මෙහෙමයි වුණේ ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා මාව සාකච්ඡාවකින් පස්සේ ගෙන්නලා මම හිතන්නේ ගිය නොවැම්බර් 24 වැනිදා වගෙ කිව්වා මේ අදානි සමාගමට දෙන්න මේක ඉන්දිය අගමැති මෝදි කියනවා මට බල කරනවා මේක දෙන්නේ කියලා කියනවයි කියලා. පස්සේ මම ඒ වේලාවේ කිව්වා මේකේ මේ මටවත් විදුලිබල මණ්ඩලයටවත් අයිති ප්‍රශ්නයක් නෙමෙයි. මේක ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා.නෑ නෑ ඔයා මේක. මම ඒ හින්දා ලියුමක් ලියලා දැන්මා මට මෙන්න මෙහෙම ජනාධිපතිතුමා නියෝගයක් දෙනවාය කියලා මුදල් අමාත්‍යාංශ ලේකම් කිව්වා මේක ඔහෙන් කර ගන්න. මේක විදුලිබල මණ්ඩලයට අදාල ප්‍රශ්නයක් නෙමෙයි කියලා.