COLOMBO (News 1st) - ජූනි මස 20 වැනි දා ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ නියෝජිතයින් මෙරටට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09) මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග පැවති හමුවකදී කියා සිටියේ ය.
එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, ජුනි මාසය අවසන් වනවිට IMF සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙනු ඇති බවයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කළේ ය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තු අධ්යක්ෂ ගෙරී රයිස්,
පැහැදිලිවම ශ්‍රී ලංකාව ගෙවුම්ශේෂ ප්‍රශ්නයකට මුහුණදීලා ඉන්නේ. ඒ අර්බුදය සම්බන්ධයෙන් අපි අවධානයෙන් පසුවෙනවා. මොකද සමාජයේ දිළිඳු කොටස් මේ මගින් දැඩි බලපෑමට ලක්වෙනවා. ඒ පිළිබඳව අප සමීපව නිරීක්ෂණය කරමින් ඉන්නනේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බලපොරොත්තු වෙනවා ඉදිරි සති කිහිපය ඇතුළත කොළඹට පැමිණ මැයි මාසයේ සාකච්ජා කළ තාක්ෂණික කරුණු පිළිබඳව ප්‍රතිපත්තිමය එකඟතාවන් පිළිබඳ සාකච්ජා කරන්න.