by Staff writer 02-06-2022 | 3:41 PM
COLOMBO (News 1st) – සබරගමුව පළාතෙත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ වයඹ පළාත්වලටත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
උතුර සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සුළං වේගය පැයට කිලෝමීටර 40 ක තද සුළං ඇතිවිය හැකි ය.
අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.