by Staff Writer . 02-06-2022 | 4:19 PM
COLOMBO (News 1st) – අමෙරිකාවේ ඕක්ලාහෝමා ප්රාන්තයේ රෝහලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙඩි තැබීම සිදුකර ඇත්තේ, ඕක්ලාහෝමා හී තුල්සා නගරයේ රෝහල් ගොඩනැගිල්ලකට ආයුධ සන්නද්ධව ඇතුළු වූ පුද්ගලයෙකි.
පොලිස් ප්රතිප්රහාර හමුවේ තුවක්කරු ද මියගොස් තිබේ.
අමෙරිකාවේ මෑතකදී සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම්වල ආසන්නතම සිදුවීම මෙයයි.
ගිනි අවි ප්රචණ්ඩත්වයට එරෙහිව නීති සම්පාදනය කළ යුතු බව, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉකුත් සතියේ ප්රකාශ කළේ ය.
ඒ, අමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ ප්රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 19 දෙනෙකු ඇතුලු 21 දෙනෙකු මිය යාමත් සමගයි.
වයස අවුරුදු 7 ත් 10 ත් අතර ළමුන් පිරිසක් වෙඩි තැබීමෙන් මියගිය අතර, වෙඩි තැබීම සිදුකළ 18 හැවිරිදි සැකකරු ද පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් විය.