home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
වැට් බද්ද සහ විදුලි සංදේශ බද්ද ඉහළට: නව බදු සංශෝදන මෙන්න..
by Staff Writer .
31-05-2022 | 4:29 PM
COLOMBO (News 1st):
වහාම ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද හා විදුලි සංදේශ බද්ද ඉහළ දමා තිබේ. මේ අතර ලබන ඔක්තොම්බර් 01වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආදායම් බදු, ඔට්ටු සහ සූදු බදු සංශෝධනය කිරීමට ද නියමිතය. රජය අද (31) නිවේදනය කළ බදු සංශෝධනයන්ට අනුව එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 8% සිට 12% දක්වා ඉහළ යනු ඇති. 11. 25%ක් වූ විදුලි සංදේශ බද්ද 15%ක් දක්වා ඉහළ දමා තිබේ. මෙම බදු සංශෝධන දෙක මගින් පමණක් මේ වසර තුළ උපයා ගැනීමට අපේක්ෂිත අමතර ආදායම රුපියල් බිලියන 94 කි. ලබන ඔක්තොම්බර් මස 01වැනිදා සිට ආදායම් බදු සංශෝධන ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබේ. ඒ අනුව මෙතෙක් පුද්ගල ආදායම් බදු අය කිරීමේදී නිදහස් කොට තිබූ වාර්ෂික ආදායම් සිමාව මිලියන 3 සිට රුපියල් මිලියන 1.8 ක් දක්වා අඩු කෙරෙනු ඇති. මෙතෙක් බද්දට යටත් වූයේ, රුපියල් දෙලක්ෂ පනස් සහසකට වැඩි මාසික ආදායමක් ලැබු අය වන අතර නව සංශෝධනය යටතේ මසකට රුපියල් එක්ලක්ෂ පනස් දාහකට වැඩි ආදායමක් ලබන සියලු දෙනා ආදයම් බද්දට යටත්වනු ඇති. සේවා නියුක්ති ආදායම මත රඳවා ගැනීමේ බදු අනිවාර්ය කර තිබේ. මේ අතර වෘත්තියන් වැනි අය වෙත මසකට රුපියල් ලක්ෂයක් ඉක්මවන සේවා ගෙවීම් මත රදවා ගැනීමේ බද්දක්ද පැනවීමට යෝජිතයි. සංස්ථාපිත ආදායම් බද්ද 24% සිට 30% දක්වා ඉහළ දැමීමට යෝජිත වේ. මේ අතර එකතු කළ අගය මත බද්ද(වැට්) සඳහා ලියාපදිංචි කිරීමේ සීමාව වසරකට රුපියල් මිලියන 300 සිට වසරකට රුපියල් මිලියන 120 දක්වා අඩුකර තිබේ. ඒ අනුව, එම බද්ද සඳහා ලියාපදිංචි විය යුතු බදු ගෙවන්නන් ප්‍රමාණය වැඩිවනු ඇති. සහාදිපත්ය තට්ටු නිවාස සඳහා ලබා දී තිබූ එකතු කිරීමේ අගය මත බදු සහනය ඉවත් කිරිමට ද යෝජිතයි. ඔට්ටු සහ සූදු ව්‍යපාර ක්රියාක්මක කිරීම සම්බන්ධ වාර්ෂික බද්ද රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 500 දක්වා ඉහළ දැමීමට ද යෝජනා වී තිබේ. මේ අතර එම ක්ෂෙත්රයේ එකතුකළ අගය මත බද්ද 10% සිට 15% දක්වා වැඩි කිරීමට ද යෝජිතය.
ඒ අනුව, නව බදු සංශෝධන මෙසේය.
වෙනත් ලිපි
අද සිට දිවයිනට සූර්යයා මුදුන් වෙයි.
දින දෙකක් තුළ අධිවේගී මාර්ග ආදායම කෝටි 12 පනී.
චීනයෙන් රේල් පීලි 10,000 ක් ආනයනය කෙරේ.
හල්දුම්මුල්ලේ නායයෑමෙන් නිවාස අහිමිවූවන්ට නව නිවාස
මත්ද්‍රව්‍ය සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවට
නේපාලයට මෙරටින් ඩො.මිලියනයක මානුෂීය ආධාර
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය