යුරෝපා සංගමයෙන් යුක්‍රේනයට යූරෝ බිලියන 9ක්

යුරෝපා සංගමයෙන් යුක්‍රේනයට යූරෝ බිලියන 9ක්

by Staff writer 31-05-2022 | 8:52 AM

(News 1st) - යුරෝ බිලියන 9 ක් යුක්‍රේනයට ලබා දීමට යුරෝපා සංගමය එකඟ වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ‍, රුසියානු ආක්‍රමණය හමුවේ යුක්‍රේනයට සිය ආර්ථිකයට සහය වීමේ අරමුණින් යුරෝපා සංගම් නායකයින් එම පියවර ගෙන ඇති බවයි. යුරෝපා සංගමයේ ප්‍රධානී චාල්ස් මයිකල් මේ පිළිබඳව නිවේදනය කළේ ය. මීට අමතරව රුසියානු තෙල් ආනයනය ද බොහෝදුරට නවතා දැමීමට යුරෝපා සංගම් නායකයින් එකඟ වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සම්පූර්ණයෙන්ම රුසියානු තෙල් ආනයනය තහනම් කිරීම සඳහා එම සංගමයේ රටක් වන හංගේරියාව එකඟ නොවූ බැවින් යම් ප්‍රමාණයකින් තෙල් ආනයනය නවතා දැමීමට යුරෝපා සංගමය තීරණය කළ බවයි. එම සංගමයේ ප්‍රධානී චාල්ස් මයිකල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, මේ පියවර හේතුවෙන් රුසියාව සිදු කරන තෙල් අපනයනයෙන් තුනෙන් දෙකක් පමණ අඩාලවන බවය.