රජයේ හා රජයේ අනුමත පෞද්. පාසල්වලට හෙට නිවාඩු

රජයේ හා රජයේ අනුමත පෞ. පාසල්වලට හෙට (20) නිවාඩු

by Staff writer 19-05-2022 | 5:11 PM

COLOMBO (News 1st) – රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (20) නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ, රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප‍්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන ය. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, පළමු පාසල් වාරයේ දෙවන අදියර ජුනි 6 ඇරඹෙන බවයි.