තමිල්නාඩු සහනාධාර රැගත් නැවක් අද හවසට ලංකාවට

තමිල්නාඩුවෙන් සහනාධාර රැගත් නැවක් අද හවසට ලංකාවට

by Staff Writer . 18-05-2022 | 2:14 PM

COLOMBO (News 1st) – තමිල්නාඩු ප්‍රාන්ත රජයේ ආහාර සහ ඖෂධ සහනාධාර රැගත් නැවක් අද සවස චෙන්නයි සිට ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිතයි.

තමිල්නාඩුවේ විවිධ ස්ථානවලින් එක්රැස් කළ සහල් ටොන් 40,000ක් කිරිපිටි ටොන් 500ක් සහ ඉන්දීය රුපියල් කෝටි 28ක් වටිනා ඖෂධ තොග මෙලෙස නැව් ගත කෙරෙන්නේ තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලිං මහතාගේ ප්‍රධානත්වයෙනි.