ඇඳිරි නීතිය පැනවෙන වේලාවේ වෙනසක්

ඇඳිරි නීතිය පැනවෙන වේලාවේ වෙනසක්

by Staff writer 16-05-2022 | 5:16 PM

COLOMBO (News 1st) - ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන වේලාවේ සංශෝධනයක් සිදුව තිබේ.

ඒ අනුව මුලු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ,  අද (මැයි 16) රාත්‍රී 11.00 සිට හෙට (මැයි 17) අලුයම 5.00 දක්වායි. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නොමැති බවයි. කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර නිවේදනය කරනු ලැබුවේ, අද (මැයි 16) රාත්‍රී 8.00 සිට හෙට (17) අලුයම 5 දක්වා මුලු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි.