බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මානව හිමිකම් කොමිසමට

වටරැක රැඳවියන් විරෝධතාකරුවන්ට පහරදීමට යොදාගත් බවට වන චෝදනා ගැන පරීක්ෂණයක්

by Staff Writer . 11-05-2022 | 10:55 PM

COLOMBO (News 1st) –  වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාකරුවන්ට පහරදීමට යොදාගත් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරම්භ කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය මහතා පවසයි.

සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කර තිබූ සාමකාමී විරෝධාවලට පහරදුන් බවට චෝදනා නගමින් ජනතාව රඳවාගත් පිරිසකගේ දර්ශනවල ඔවුහු තමන් වටරැක බන්ධනාගාරයේ රැඳවියන් බවට ප්‍රකාශ කළහ. එම අවස්ථාවේ ඔවුන් ඇඳ සිටි එකම වර්ගයේ කලිසම සහ විරෝධකාරුවන්ට පහරදෙන පිරිස අතරේ සිටි පුද්ගලයින් ද ඊට සමාන කලිසමක් ඇද සිටින ඇයුරු ද දැකගත හැකි විය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, අදාළ රැඳවියන් පිරිස සිරකරු ඇඳුම නොව ඔවුන් සේවයට යෙදවූ ආයතනය මගින් ලබාදුන් ඇඳුමක් හැඳ සිටි බවයි. මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ තවත් නිලධාරියෙකු ද හෙට මානව හිමිකම් කොමිසම හමුවට කැඳවීමට තීරණය කර තිබේ.