ඇඳිරි නීතිය පිළිබඳ අලුත්ම නිවේදනය

ඇඳිරි නීතිය හෙට (12) උදෑසන 7.00 ට ඉවත් කර පස්වරු 2.00 ට යළි පැනවේ

by Staff Writer . 11-05-2022 | 9:25 PM

COLOMBO (News 1st) –  පනවා ඇති ඇඳිරි නීතිය හෙට (12) පෙ.ව. 07.00 සිට ප.ව. 02.00 දක්වා ලිහිල් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුළු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (12) පෙ.ව (07.00ට ඉවත් කෙරෙනු ඇති. එය ප.ව. 02.00ට යළි පැනවෙන අතර පසු දින (2022-05-13) පෙ.ව. 06.00 දක්වා බල පැවැත් වේ. ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර හිමි නොවේ.