පහරදීමකින් ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට තුවාල

by Staff writer 10-05-2022 | 3:27 PM

COLOMBO (News 1st) –බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ පෞද්ගලික සහායකයාට අද පස්වරුවේ අරලියගහ මන්දිරය ආසන්නයේදී පිරිසක් පහරදී තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ, පහරදීමෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තුවාල ලබා ඇති බවයි. ඔහුගේ වාහනයට ද එම පිරිස පහරදී අලාභ හානි සිදුකර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා තහවුරු කළේ ය. පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඔහු ගමන්කළ මෝටර් රථය එම ස්ථානයෙන් මුදාගෙන තිබුණේ,ආරක්ෂක ක්‍රියාත්මක වීමෙනි. ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ, සිද්ධියෙන් තුවාල ලැබූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි.