අරලියගහ මන්දිරය අසලට පාක්ෂිකයෝ රැස්වෙයි

අගමැතිට ඉවත් නොවන්නැයි බල කරමින් පිරිසක් අරලියගහ මන්දිරය අසලට

by Staff writer 09-05-2022 | 10:26 AM

COLOMBO (News 1st) – අරලියගහ මන්දිරය ඉදිරිපස රැස්ව අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් නොවන්නැයි, බල කරමින් විරෝධතාවේ නිරත වූ පිරිස මේ වනවිට අරලියගහ මන්දිරයට තුළට පැමිණ තිබේ.

අග්‍රාමාත්‍යවරයා මෙම පාක්ෂික හමුවට පැමිණ සිටින අතර අග්‍රාමාත්‍යවරයා පිරිස ඇමතිමට නියමිත බව ද වාර්තා වේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ධුරයෙන් ඉවත් නොවන ලෙස බලකරමින් පාක්ෂිකයින් විශාල පිරිසක් අද උදෑසන මෙලෙස අරලියගහ මන්දිරය අසලට රැස්වූහ. මේ අතර මීට දින කිහිපයකට පෙර අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරම්භ වූ තවත් උදේඝෝෂණයක් පැවැත්වෙන්නේ, අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමිනි. කෙසේ වෙතත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පැවසුවේ, අද දවසේදී හෝ නුදුරු දිනකදී බොහෝ දුරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපෂ මහතා ධුරයෙන් ඉවත් වනු ඇති බවයි. https://youtu.be/YjVRQtxG1VI https://youtu.be/DN_fHvNDLSg