by Staff writer 02-05-2022 | 10:08 PM
COLOMBO (News 1st) - අද (02) සිට ක්රියාත්මක වන පරිදි දේශීය සහල් වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තබේ.
ඒ, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් යුතුවයි.
ඒ අනුව, දේශීය සුදු සහ රතු නාඩු කිලෝග්රෑමයක් සඳහා රුපියල් 220 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
නව ගැසට් නිවේදනයට අනුව, සුදු සහ රතු සම්බා සහල් කිලෝග්රෑමයක් උපරිම සිල්ලර මිල රුපියල් 230 කි.
දේශිය කීරි සම්බා කිලෝග්රෑමයක් සඳහා රුපියල් 260ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
නව ගැසට් නිවේදනයට අනුව එම දේශිය සහල් වර්ග උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළදාම් කිරීම , සැපයීම , වෙළදාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළදාම් සඳහා ප්රදර්ශනය කිරීම තහනම් වනු ඇති.