ඉන්ධන පිරවුම්හල්  80%ක් පමණ වැසී යයි

ටැංකි රථ හිමියන්ගේ වර්ජනයෙන් පිරවුම්හල් 80%ක් පමණ වැසී යයි

by Staff writer 02-05-2022 | 5:19 PM

COLOMBO (News 1st) : ඛනිජ තෙල් ප්‍රවාහන ටැංකි රථ හිමියන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා පිරවුම්හල් 80%ක පමණ ප්‍රමාණයක් වසා දැමුණු බව වෘත්තීය සමිති පවසයි.

බවුසර් හිමියන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට පිවිසුනේ ඉන්ධන මිල ඉහළ දැමුව ද ඔවුන්ට ගෙවන ප්‍රවාහන ගාස්තු වැඩි නොකළ බව පවසමිනි. ගාල්ල පිටිගලවත්ත, ගාල්ල බස්නැවතුම්පළ ඉදිරිපිට ඉන්ධන පිරවුම්හල, මාගල්ල , දෙවට යන ප්‍රදේශයන්හි ඉන්ධන පිරවුම් හල් වසා දමා තිබේ. දක්ෂිණි අධිවේගි මාර්ගයේ පින්නදූව පිවිසුම අසල ඉන්ධන පිරවුම් හලේ දිගු පෝලිම් පැවතිණ. පොළොන්නරුව සහ කදුරුවෙල නගරයේ කිසිදු ඉන්ධන පිරවුම්හලක අද උදෑසන වනවිට ඩීසල් නොතිබිණ. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, දින 5 ක සිට මෙම තත්ත්වය පවතින බවයි. නුවරඵළිය නරගයේ එක් පිරවුම්හලක් වසා දමා තිබූ අතර අනෙක් ඉන්ධන පිරවුම්හලෙන් ඩීසල් ලබාගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබිණ.