අන්නර් වාර පාලනය ගැන ජනපති අද සාකච්ඡාවක..

අන්නර් වාර පාලනය සම්බන්ධයෙන් ජනපති හා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක්..

by Staff writer 02-05-2022 | 8:54 AM

COLOMBO (News 1st) – අන්නර් වාර පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (02)පැවැත්වෙයි.

ඒ, ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ, අන්තර් වාර පාලනයක් සම්බන්ධයෙන් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පක්ෂ සභාපති, අමාත්‍ය ජී.එල්.පීරිස්, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න සහ පක්ෂ මහලේකම් සාගර කාරියවසම් යන මහත්වරුන් සහභාගි වීමට නියමිතය. පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මහත්වරුන් අදාළ සාකච්ඡාවට සහභාගි වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය. මෙම සාකච්ඡාව අද(02) පෙරවරු 11.00 ට ජනාධිපති මන්දිරයේදී පැවැත්වනු ඇති.