ජන ජීවිතය පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග 7 ක්

උද්ඝෝෂණ සමයේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග 7 ක්..

by Staff Writer . 24-04-2022 | 3:46 PM

COLOMBO (News 1st) – විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙන කාලය අතරතුර සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග 7 ක් මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

?ගිලන්රථ ?පාසැල් සිසු ප්‍රවාහනය ?කාර්යාල සේවක සේවිකාවන් ප්‍රවාහනය ?විදේශ ආයෝජන මත ක්‍රියාත්මක වන කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට ගමන් කිරීමට ඉඩ සැලසීම ?සංචාරකයන් ගමන් ගන්නා වාහන බාධාවකින් තොරව ගමන් කිරීමට ක්‍රියාමාර්ග ගැනීම ; ?පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම ?අත්‍යවශ්‍ය භාණ්ඩ සේවා ප්‍රවාහනයට ඉඩ සලසා දීම උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වෙන කාලය තුළ ඉහත සඳහන් කාරණා පිළිබඳව උද්ඝෝෂණය නියැලෙන්නන් හා සාකච්ඡා කොට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමැතිවරයා දැනුම් දී තිබේ.