by Staff writer 17-04-2022 | 3:27 PM
COLOMBO (News 1st) – රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට(18) සිට ආරම්භ වේ.
එහෙත්, හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිත තිබූ අතිරේක පැයක පාසල් කාලය අත්හිටවූ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ය.
අමාත්‍යවරයා සඳහන් කළේ , එම කටයුතු තවදුරටත් සංවිධානය කිරීමේ අරමුණින් එම තීරණය ගත් බවයි.
මේ අතර, 2022 වර්ෂයේ සිංහල සහ දෙමළ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම ලබන අඟහරුවාදා සිදු කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මුස්ලිම් පාසල් සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ, ලබන මැයි මස 05 වැනිදා ය.
නවක සිසුන් පිළිගැනීම සඳහා සුදුසු වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
එහිදී ප්‍රාථමික අධ්‍යාපනයේ අරමුණ පිළිබඳව එම සිසුන්ගේ දෙමාපියන් ද දැනුවත් කළ යුතු ය.
සෞඛ්‍ය නීතිරිතිවලට අනුකූලව කෙටි කාලයක් තුළ මෙම වැඩසටහන් පවත්වා අවසන් කිරීමට විදුහල්පත්වරුන් වගබලා ගත යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.