මිරිහානේ සැකකරුවන් හඳුනා ගැනීමට නොහැකි වෙයි

හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී මිරිහානේ සැකකරුවන් හඳුනා ගැනීමට නොහැකි වෙයි

by Staff Writer . 05-04-2022 | 4:10 PM

COLOMBO (News 1st):  මිරිහාන විරෝධතාවයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 6 දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී හඳුනා ගැනීමට නොහැකිව ඇත.

ඒ අනුව සැකකරුවන් 6 දෙනා ඇප මත මුදා හැර තිබේ. මිරිහාන උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගෙන ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කළ 21 දෙනෙකු පුද්ගලික ශරීර ඇපමත මුදා හැරුණු අතර තවත් 06 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.