සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවට යහපත් ප්‍රතිචාර

සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කරන්නැයි, ජනපතිට සහ අගමැතිට කළ යෝජනාවට යහපත් ප්‍රතිචාර - විමල් වීරවංශ

by Staff writer 03-04-2022 | 5:24 PM

COLOMBO (News 1st) - සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් පත් කරන්නැයි ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කළ යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් පළ වී ඇතැයි විමල් වීරවංශ මන්ත්‍රිවරයා සඳහන් කරයි .

විමල් වීරවංශ මහතා අනාවරණය කළේ, තමන් උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මහත්වරුන් සමග ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමු වී මේ පිළිබඳව සාකච්ඡා කළ බවය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ, ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා භාරකාර ආණ්ඩුවක් යටතේ ඉදිරියේදී රට පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය. ඉදිරි සතිය තුළ එම වැඩපිලිවෙළ ඉටු නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු 14දෙනා ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවද නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. මේ අතර හදිසි නීතිය පැනවීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේ ය .