by Staff writer 03-04-2022 | 2:53 PM
COLOMBO (News 1st) - සමාජ මාධ්‍ය වාරණය, මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බව මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.
එම කොමිසම පවසන්නේ, ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව තක්සේරු කිරීමකින් තොරව හදිසි නිතීය පැනවීම ද මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බවයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සියලු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අද (03)පැවති විශේෂ හමුවකදී මෙම තීරණවලට එළැඹි බව එම කොමිසමේ සභාපතිනී විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය න්ව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළා ය.
වහාම සමාජ මාධ්‍ය ජාල වාරණය කිරීම අත්හිටුවන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම්දීමට පියවර ගන්නා බව ද මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කළාය.
මානව හිමිකම් කොමිසන් සභාව පෙන්වා දෙන්නේ, යම් අයෙකු සමාජ මාධ්‍ය භාවිත කර , සමාජය නොමග යවන්නේ නම් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම හැර, සමස්තයක් භාවිත කරන සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝණයක් බවයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ දැනුම්දීමකින් පමණක් වහා සමාජ මාධ්‍ය අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිසමට කිසිදු අයිතියක් නොමැති බව ද මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.