by Chathurika Jayasundara 03-04-2022 | 10:51 AM
COLOMBO (News 1st) : සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය අවහිර කිරීමේ ක්‍රියාවලිය තමන් කිසිසේත්ම අනුමත නොකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය අවහිර කිරීම නිෂ්ඵල කාර්යයක් වන බව ය.
මේ අතර, VPN භාවිතා කරමින් තමන් ද සමාජ මාධ්‍ය වෙත පිවිසෙන බව අමාත්‍යවරයා සිය ට්විටර් සටහන තුළ සඳහන් කර තිබුණි.
මෙවැනි අවස්ථාවකදී වගකීම් සහගතව හා වඩාත් ප්‍රගතිගීලිව බලධාරීන් කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට සියලු සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ.
තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පැවසුවේ, ආරක්ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බවය.
තම අමාත්‍යාංශය මගින් සියලුම දුරකතන සේවා සැපයුම්කරුවන්ට මෙම නියෝගය දැනුම් දුන් බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ප්‍රකාශ කළේ ය.