එක්දින තරගයේ ජය ශාන්ත තෝමස් විදුහලට

රුහුණු මහා නිල් සටන වාර්ෂික එක්දින තරගයෙන් මාතර ශාන්ත තෝමස් විදුහලට විශිෂ්ට ජයක්

by Staff Writer . 02-04-2022 | 9:12 PM

COLOMBO (News 1st) - මාතර, ශාන්ත තෝමස් සහ ශාන්ත සර්වේශස් විද්‍යාලාන්ත රුහුණු මහා නිල් සටන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් ශාන්ත තෝමස් ක්‍රීඩකයින් ලකුණු 47 කින් අද(02) ජය ගත්තේය.

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 184 ක් රැස් කළේය. එම ඉලක්කය හඹා ගිය ශාන්ත සර්වේශස් ක්‍රීඩකයින්ට පන්දුවාර 39 යි පන්දු 2 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 137 ක් පමණි.