ඉවසීමෙන් කටයුතු කරන්න, ජනතා ගැටලු විසඳනවා..

ඉවසීමෙන් කටයුතු කරන්න, නීතිය හා සාමය රකිමින් ජනතා ගැටලු විසඳනවා - සරත් වීරසේකර

by Chathurika Jayasundara 02-04-2022 | 3:36 PM

COLOMBO (News 1st): උද්ඝෝෂණ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් විරසේකර මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, සරත් වීරසේකර මහතා පවසා සිටින්නේ, ජනතාව මුහුණ දෙන දුෂ්කරතා ගැන රජය තේරුම් ගෙන ඇති බවත්, රජය එම වගකීමෙන් බැහැර නොවන බවත් ය. මේ අතර, උද්ඝෝෂණ හා රැළි පැවැත්වීම ජනතා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය බවත්, එය කිසිසේත්ම උදුරා නොගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ය. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ,ජනතාව මුහුණ දෙන මෙම ගැටලුවලට කෙටි කාලීන හා දිගුකාලීන සැලසුම් රජය සකස් කර ඇති බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත් ය. සියලු දෙනා ඉවසීමෙන් යුතුව කටයුතු කරන්නැයි, ඉල්ලා සිටින අතර නීතිය හා සාමය රකිමින් ජනතා ගැටලු විසඳීමට රජය නටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.       https://www.youtube.com/watch?v=AWia-biAKns