by Staff writer 01-04-2022 | 3:52 PM
COLOMBO (News 1st) – නුවරඑළිය කාල්ටන් පෙර පාසලේ පැවැත්වෙන අවුරුදු උළෙලකට අද ජනතා විරෝධය එල්ල විය.
මේ අතර නුවරඑළිය නගරාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති නුවරඑළිය වසන්ත සැනකෙලියේ සමාරම්භක උත්සවයට ද ජනතා විරෝධය එල්ල වී තිබේ.
නුවරඑළිය වසන්ත සමයේ ආරම්භක උත්සවය අද පැවැත්වුණේ, ග්‍රෙගරිවැව උද්‍යානයේදීයි.
මධ්‍යම පළාත් ආන්ඩුකාර ලලිත් යු ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණ ද ඔවුහු ඒ සඳහා සහභාගී නොවූහ.
විරෝධය පළ කළ ජනතාව පවසන්නේ රටම ආර්ථික අගාධයක තිබෙන පසුබිමක උත්සව සැනකෙළි අනවශ්‍ය බවයි.
https://www.youtube.com/watch?v=fSX9w8U9bKQ