by Staff writer 01-04-2022 | 6:20 PM
COLOMBO (News 1st); නුගේගොඩ , මිරිහාන, පැගිරිවත්ත ප්රදේශයේ ඊයේ(31) රාත්රීයේ විරෝධතාවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 53 දෙනා ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණයට මීට ටික වේලාවකට පෙර ඉදිරිපත් කෙරිණ.
බස්රථ 2ක් මගින් ඔවුන් නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණය හමුවට රැගෙන ආ අතර එම අවස්ථාවේදී අධිකරණය ඉදිරිපත් රැස්ව සිටි පිරිස් සැකකරුවන් පිළිගනිමින් අත්පොළසන් හඬ නැගීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය , කොළඹ අපරාධ කොට්ඨාසය, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ක්රියාත්මක කර තිබේ.