මොරටුවේ විරෝධතාකරුවන් මාර්ගයේ ඉඩ දෙයි..

පාර අවහිර කළ මොරටුවේ විරෝධතාකරුවන් මාර්ගයේ ඉඩ දෙයි..

by Staff writer 01-04-2022 | 5:10 PM

COLOMBO (News 1st) –  මොරටුව, කුරුස හන්දියෙන් ගාලු පාර සම්පුර්ණයෙන් අවහිර කර අද(01) පෙරවරුවේ සිට විරෝධතාවේ නිරත වූ ප්‍රදේශවාසීන් මේ වනවිට මාර්ගයෙන් ඉවත්ව තිබේ.

ඒ, රථවාහන ධාවනයට යළි ඉඩ ලබාදෙමින් ය. අද පෙරවරුවේ ප්‍රදේශවාසීන් ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් ගාලු පාරේ මොරටුව අසළින් රථවාහන ධාවනයට බාධා මතු විය.