by Sagarika Chathumali 24-03-2022 | 9:42 AM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉන්දීය රජය ලබා දෙන සහයෝගය පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ස්තුතිය පළ කර තිබේ.
පසුගිය දා ශ්‍රී ලංකාවට ලබා දුන් ණය ආධාර පිළිබඳව ස්තූතිය පළ කර ඇති අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදීත් ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද පවසා තිබේ.