පිළියන්දල, මාවිත්තරදී පුද්ගල ඝාතනයක්

පිළියන්දල, මාවිත්තරදී පුද්ගල ඝාතනයක්

by Staff Writer . 22-03-2022 | 3:01 PM

COLOMBO (News 1st); පිළියන්දල, මාවිත්තර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ ගම්මානවත්ත පාර මාවිත්තර ,පිළියන්දල පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි. යතුරුපැදියක් මියගිය පුද්ගලයාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ අධික වේගයෙන් ධාවනය නොකරන ලෙසට මරණකරු යතුරුපැදිකරුට පැවසීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර තිබේ. ඊට උරණ වූ යතුරුපැදිකරු ඔහුගේ පියාත්, වැඩිමහල් සොහොයුරාත්, මවත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද සමග පැමිණ පොල්ලකින් සහ කඩුවකින් පහර දී මෙම ඝාතනය කර ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණ වී තිබේ. පහරදීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරු ද තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි. අනෙක් සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් තිබේ. මේ අතර අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු හිසේ තුවාල සහිතව මියගොස් සිටියදි සොයාගෙන තිබේ. පොලිසිය පැවසුවේ, බහින් බස්වීමක් දුරදිගගොස් බිරිඳගේ පෙර විවාහයේ පුතා විසින් ඔහුට පහරදී ඇති බවයි. මියගොස් ඇත්තේ 42 හැවිරිදි අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පොලිසිය පැවසුවේ, සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි.