by Staff Writer . 22-03-2022 | 11:06 AM
COLOMBO (News 1st) – ඉන්දියාවෙන් ලබාදෙන අමෙරිකානු ඩොලර් මිලියන 6 ක මූල්‍යාධාර මත සමුද්‍රිය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට ජනාධිපතිවරයා ඉදිරපිත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ අනුව ශ්‍රී ලංකා සහ ඉන්දීය රජයන් අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට ද කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර මේ මධ්‍යස්ථානයට උපකරණ ලබාදෙන ඉන්දියාවේ භාරත් ඉලෙක්ට්‍රොනික් සමාගම සමග තවත් ගිවිසුමකට අත්සන් කිරීමට ද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සමකැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසන්නේ, මේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.