අභියාචනාධිකරණයෙන් ඉඩම් කොමසාරිස් ජනරාල්ට නියෝගයක්

අවශේෂ වනාන්තරවලට අදාළව අභියාචනාධිකරණයෙන් ඉඩම් කොමසාරිස් ජනරාල්ට නියෝගයක්

by Staff Writer . 22-03-2022 | 1:15 PM

COLOMBO (News 1st) –  අවශේෂ වනාන්තර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනයට යටත් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව කටයුතු කිරීමට පියවර නොගන්නා ලෙසට අභියාචනාධිකරණය ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.

එම චක්‍රලේඛය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන සැප්තැම්බර් පළමු වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් ඉඩම් කොමසාරිස් ජනරාල්, වනසංරක්ෂණ ජෙනරාල් ඇතුළු පස් දෙනෙකුට නොතීසි ද නිකුත් කෙරිණ. අභියාචනාධිකරණ එම නියෝගය ලබන සැප්තැම්බර් මස 01වැනිදා තෙක් බල පැවැත්වේ. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවී ය. පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂක හේමන්ත රංජිත් කුමාර මහතා ගොනු කළ පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පස් දෙනෙකු නම් කර තිබේ.