by Staff Writer . 17-03-2022 | 12:28 PM
COLOMBO (News 1st) – දිවයිනට සේන්දු වූ නෞකාවේ ගෑස් තොග ගොඩබෑම මේ වනවිට ආරම්භ කර ඇති බව ලිට්ට්‍රෝ සමාගම පවසයි.
ඒ නැවේ ගෑස් තොගය සඳහා අවශ්‍ය ගෙවීම් සිදු කිරීමට පියවර ගැනීමත් සමගයි
ඒ අනුව ගෑස් බෙදාහැරිම අද පස්වරුවේ සිට යළි ආරම්භ කරන බව සමාගම ප්‍රකාශ කළේ ය.
අදාළ නෞකාවෙන් දිවයිනට ආනයනය කළ ගෑස් තොගය මෙට්‍රික් ටොන් 35,000 කි.
එය දින තුනක මෙරට අවශ්‍යතාවයට ප්‍රමාණවත් බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ ය.
මේ අතර ගෑස් රැගත් තවත් නෞකාවක් ඉදිරි දින දෙක ඇතුළත මෙරටට ළඟාවීමට නියමිතයි.
මාලදිවයිනේ සිට පැමිණෙන එම නෞකාවෙන් රැගෙන ඒමට නියමිත ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2500කි.
මේ අතර ලාෆ් ගෑස් සමාගම ප්‍රකාශ කළේ ගෑස් මිලදී ගැනීමට අවශ්‍ය ණය වර ලිපි ලබා ගැනීමට තම සමාගමට මෙතෙක් නොහැකි වූ බවයි.
ඒ හේතුවෙන් තම සමගමේ ගෑස් වෙළඳ පොළට නිකුත් කිරීමට නොහැකි වී ඇති බව එහි ජ්‍යේෂ්ඨ නිලධාරීයෙක් පැවසී ය.