by Staff writer 11-03-2022 | 10:11 PM
COLOMBO (News 1st) - ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ විදේශ විනිමය හිඟය කළමනාකරණය කිරීම ඇතුළුව රටට උපකාර කිරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව, ලබන මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සමග සාකච්ඡා ආරම්භ කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
දැනට පවතින සාකච්ඡා පිළිබඳ මූලාශ්‍ර 3ක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පැවසුවේ, ශ්‍රී ලංකාවේ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ නිලධාරීන්ට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අප්‍රේල් මැද භාගයේදී වොෂින්ටනය වෙත යනු ඇති බවය.