යුද හමුදා ජිම්නාස්ටික් ශූරතාවලියේ ත්‍යාග ප්‍රදානය

යුද හමුදා ජිම්නාස්ටික් ශූරතාවලියේ ත්‍යාග ප්‍රදානය කෙරේ

by Staff Writer . 11-03-2022 | 4:37 PM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු ජිම්නාස්ටික් ශූරතාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ඊයේ (10)  කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණේ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ ජිම්නාස්ටික් ක්‍රීඩකයින් නවකයන්ගේ (Novices) අංශයේ ශූරතාව දිනාගත් අතර ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකා ජිම්නාස්ටික් ක්‍රීඩකයින් තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තේ ය. යුද හමුදාවේ රෙජිමේන්තු 8 කට අයත් ජිම්නාස්ටික් ක්‍රීඩකයින් 48 ගේ සහභාගිත්වයෙන් ජිම්නාස්ටික් ශූරතාවලිය පැවැත්විණ. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් විකුම් ලියනගේ සහ යුද හමුදා ජිම්නාස්ටික් කමිටු සභාපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ ජිම්නාස්ටික් ක්‍රීඩා ලෝලීහු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.