මාර්තු 31 තෙක් වීථි ලාම්පු අක්‍රිය කර තබන්නැයි,දැන

මාර්තු 31 තෙක් වීථි ලාම්පු අක්‍රිය කර තබන්නැයි, දැනුම් දීමක්..

by Staff Writer . 07-03-2022 | 3:57 PM

COLOMBO (News 1st) – අද (07) සිට මාර්තු 31 වැනිදා දක්වා සියලු වීථි ලාම්පු අක්‍රිය කර තබන ලෙස අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කළේ,දෛනික ජන ජීවිතයට අවම බලපෑම් සහිතව, විදුලිය ඉතිරි කර ගැනීම සඳහාත් ක්‍රියාත්මක කළ හැකි විකල්ප පිළිබඳව ද තමන් වෙත දන්වා එවන්නැයි, බැසිල් රාජපක්ෂ මහතා එහිදී දැනුම්දී ඇති බවයි. රටේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 30% ක දායකත්වය සපයන ජල විදුලි බලාගාර, වැසි රහිත කාලගුණ තත්ත්වය මුළුමනින්ම අක්‍රිය තත්ත්වයට පත්ව ඇතැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.