පොහොට්ටු මන්ත්‍රී මධුර සමග ආ පිරිසකගෙන් සජබ ප්‍රධාන කාර්යාලයට බිත්තර ප්‍රහාරයක්

by Staff Writer . 07-03-2022 | 11:10 AM

COLOMBO (News 1st) – පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සමග පැමිණි පිරිසක් පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ පසුගිය ආණ්ඩු සමයේ ජනතාව වෙනුවෙන් සිදු කළේ කුමක්දැයි ප්‍රශ්න කරමින් පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයා සමග පැමිණි පිරිස මුලින් විරෝධතාවක් ආරම්භ කළ බවයි. අනතුරුව ඔවුන් සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එය ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථවල විරෝධතා පුවරු ද අළවා තිබේ. පිරිස මේ වන විට එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.