by Staff writer 27-02-2022 | 12:01 PM
COLOMBO (News 1st) – බොරැල්ල, සහස්පුර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ සොරකම් කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ , එම ත්‍රීරෝද රථවල කොටස් කැකිරාව, මාතර සහ කැලණිය ප්‍රදේශවල තිබී කොළඹ අපරාධ කොට්ඨාසය සොයාගත් බවයි.
මීතොටමුල්ල ප්‍රදේශයේදී මත් කුඩු අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මේවා සොයාගෙන තිබේ.