by Staff writer 27-02-2022 | 6:10 PM
COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 24 ක් අද (27) වාර්තා වී තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊයේ (26) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් එම මරණ තහවුරු කර ඇති බවයි.
මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු සහ කාන්තාවන් 09 දෙනෙකු වේ.
මියගිය පිරිසෙන් 20 දෙනෙකු අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින්වේ.
වාර්තා වූ නව මරණ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,190 කි.