home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
අද (24)ත් රට පුරා පැය 4 කට වැඩි විදුලි කප්පාදුවක්
by Staff Writer .
24-02-2022 | 8:16 AM
COLOMBO (News 1st) – අද දිනයේත් පැය 04 කට වඩා වැඩි කාලයකට විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ලබාදී තිබේ.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, A, B, C ප්‍රදේශ සඳහා පැය 4 යි මිනිත්තු 40 ක කාලයක් විදුලිය කප්පාදු කරන බවයි. අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 4 යි විනාඩි 30 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබේ. මේ අතර කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලටත් අද සිට විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළේ, එම ප්‍රදේශ සඳහා විදුලිය කප්පාදු කරන කාලය පිළිබඳ මෙතෙක් අවසන් තීරණය ගෙන නොමැති බවයි.
ඒ ඒ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාවන් පිළිබඳ සවිස්තරය පහතින්....
මේ අතර පසුගිය ඉරිදා මෙරටට ළඟා වූ ඉන්ධන නෞකාවේ ඩිසල් තොග අතුරින් මෙට්‍රික් ටොන් දසදහස් දෙසියක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ, දින 6 කට ප්‍රමාණවත් වන පරිදියි. මේ අතර, තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38,300 ක් රැගත් තවත් නෞකාවක් හෙට දිනයේ සිංගප්පුරුවේ සිට මෙරටට ළඟා වීමට නියමිතව ඇතැයි බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය සඳහන් කළේ ය. ඇය පැවසුවේ, අදාළ නෞකාව නිදහස් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 33 ක් පමණ වන ණයවර ලිපි විවෘත කරන්නැයි මහ බැංකුවෙන් ඉල්ලා ඇති බවයි. මීට අමතරව තවත් ඩිසල් රැගත් නෞකා 2 ක් සහ දැවි තෙල් රැගත් නෞකාවක් ඉදිරි දින කිහිපයේ මෙරටට ළඟා විමට නියමිතව ඇතැයි බලශක්ති අමාත්‍යංශ ලේකම්වරිය සඳහන් කළා ය.
වෙනත් ලිපි
ගෘහස්ථ ගෑස් මිල අද අඩු කෙරේ
ඖෂධ මිලදී ගැනීමේ ගනුදෙනු:අල්ලස් කොමිසමෙන් විමර්ශන
රජයේ විධායක නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත්
ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදයි..
සරසවි අනධ්‍යන සේවක වැඩවර්ජනය අදත්..
පාසල්වල පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන්..
විශේෂාංග
හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය