අලුතින් හදන නිවසකින් හමුවූ මෝටාර් බෝම්බය

මාතර අලුතින් හදන නිවසකින් මෝටාර් බෝම්බයක් හමුවෙයි

by Staff writer 12-02-2022 | 11:08 AM

COLOMBO (News 1st); මාතර, සුල්තානාගොඩ, මදුරුදූව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක මිදුලෙහි ගඩොල් ගොඩක තිබී මෝටාර් බෝම්බයක් හමුවී තිබේ.

පොලීසිය පැවසුවේ, එය මි.මී. 81 වර්ගයේ ජීව මෝටාර් බෝම්බයක් බවය. නිවසේ අලුත්වැඩියා කටයුතු සිදු කරමින් සිටි පෙදරේරුවෙකු එය දැක තිබේ. අනතුරුව නිවසේ හිමිකරුවන් කළ දැනුම් දීමකට අනුව එම ස්ථානයට පැමිණි පොලීසිය වැඩිදුර විමර්ශනයන් ආරම්භ කර තිබේ.