COLOMBO (News 1st) - පිළියන්දල, බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් හෙට (13) සිට නැවත දැනුම් දෙනතුරු කොළඹ - හොරණ මාර්ගයේ එම ප්‍රදේශය හරහා වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසයි.
ඒ අනුව උදෑසන 6.00 සිට සවස 3 .00 දක්වා කොළඹ දෙසට මං තීරු 2 ක් සහ හොරණ දෙසට මං තීරුවක් ද සවස 3.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා කොළඹ දෙසට මංතීරුවක් සහ හොරණ දෙසට මං තීරු දෙකක් ද වශයෙන් වාහන ගමනාගමනය සීමා කරනු ඇති.
මීට අමතරව උදෑසන 6.00 සිට උදෑසන 9.00 දක්වා සහ සවස 4.00 සිට රාත්‍රී 8.00 දක්වා මගී බස් රථ හැර සියලුම බර වාහනවලට පාලම මතින් ගමනාගමනය අවසර හිමි නොවේ.
මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරන අවස්ථාවේ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඊට අදාළ නිවේදනය පහතින්.
