පුෂ්පිකාගේ කිරුළ අහිමි වෙයි

පුෂ්පිකාගේ කිරුළ අහිමි වෙයි

by Staff Writer . 08-02-2022 | 6:56 PM
විවාහ රූ රැජිණ කිරුළ දැරූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කරයි . ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධානයට පැවරී ඇති බලතලප්‍රකාරව මෙම තීරණය ගත් බව අදාළ නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව, අද(08) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය හට විවාහ රූ රැජිණ නාමය භාවිත කිරීම වාරණය කරන බව එම නිවේදනයේ සඳහන් වේ .