by Staff writer 08-02-2022 | 11:49 AM
COLOMBO (News 1st) – ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේදී අයදුම්කරුවන්ගෙන් බලපෑම් සිදුවී ඇත්දැයි සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇත්තේ, ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේදී අයදුම්කරුවන්ගෙන් සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේදී හා ඉන් පසුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවට අනිතික හෝ අනිසි ලෙස බලපෑමක් සිදුව ඇත්දැයි සොයා බලා කටයුතු කරන ලෙසයි.