රත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී තිදෙනෙක් මරුට

රත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී තිදෙනෙක් මරුට

by Staff Writer . 01-02-2022 | 3:08 PM

COLOMBO (News 1st) – ගාල්ල, රත්ගම විල්ලම දුම්රිය හරස් මාර්ගයේදී අද පෙරවරුවේ ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

පොලීසීය සඳහන් කළේ අනතුරින් ත්‍රිරෝද රථ රියැදුරු, ඔහුගේ බිරිඳගේ මව සහ තවත් ඥාතියෙකු මියගොස් ඇති බවයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරුගේ බිරිඳ කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. දුම්රිය සංඥා ක්‍රියාත්මක අවස්ථාවේදී ත්‍රීරෝද රථය බෙලිඅත්තේ සිට අනුරාධපුර බලා ධාවනය වූ දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.