by Staff Writer . 01-02-2022 | 7:47 PM
COLOMBO (News 1st) - ආණ්ඩුව ව්‍යවස්ථා ගැටයකට සූදානම්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(01) අනාවරණයක් කළේය.
''ජනාධිපති ඡන්දයට අඩු වශයෙන් අවුරුදු දෙක හමාරක් තියෙනවා. දැන් ආණ්ඩුව අලුතින් ව්‍යයවස්ථා සංශෝධනයක් ගේනවා කියලා පත්තරවල තිබුණා. මට පේන විදිහට ඊළඟ බලය සදහා ව්‍යවස්ථා ගැටයක් ගහන්න හදන්නේ කියලා මට පේනවා. ඒ නිසා අපිට ඉදිරියේදී එන ජාතික මැතිවරණය බොහෝ විට පාර්ලිමේන්තු මැතිවරණයක් කියලයි මම හිතන්නේ''
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අනාවරණය කළේ, නිව්ස්ෆස්ට් යූ ටියුබ් නාලිකාවේ 10 Questions වැඩසටහනට සහභාගී වෙමින්.
එම 10 Questions සම්පූර්ණ වැඩසටහන හෙට(02) සවස 4.30 ට අපගේ නිවුස්ෆස්ට් යූටියුබ් නාලිකාව ඔස්සේ බලාපොරොත්තුවන්න.