home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
රථවාහන තදබදයට විසඳුමක් ලැබෙන නාවල ඇළ හරහා හදන නව පාලමේ ඉදිකිරීම් 60%ක් අවසන් - ඇමති ජොන්ස්ටන්
by Staff Writer .
30-01-2022 | 1:55 PM
COLOMBO (News 1st) - ඇතුල්කෝට්ටේ දැඩි රථවාහන තදබදයට පිළියමක් ලෙස රාජගිරිය, නාවල ඇළ හරහා නව පාලමක් ඉදිකිරීමේ කටයුතු මේ වනවිට 60%ක මට්ටමේ පවතින අතර එහි ඉදිකිරීම් කඩිනම් කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබා දී තිබේ.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(29) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය. ඇතුල්කෝට්ටේ, අංගම්පිටිය මාර්ගය සහ නාවල - රාජගිරිය මාර්ගයේ පාසැල් පටුමග සම්බන්ධ කරමින් රාජගිරිය නාවල ඇළ හරහා මෙම පාලම ඉදි කරනු ලැබේ. මංතීරු දෙකකින් යුත් මෙම නව පාලම මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා සැලසුම් සංස්ථාව විසින් ඉදිකරීම් කටයුතු සිදුකරනු ලබයි . දිගින් මීටර් 600ක් සහ පළල මීටර් 10.4ක් වන මෙම පාලම ඉදිකිරීමට ඇස්තමේන්තුගත මුදල රු. මිලියන 1,698.55 කි. පාලම දෙපස මීටර් 1.5 බැගින් වූ පදික වේදිකා දෙකක් ඉදිකෙරෙන අතර අංගම්පිටියේ සිට පාලම දෙසට මීටර් 60ක් දිග ප්‍රවේශ මාර්ගයක් සහ පාලමේ සිට පාසල් මංතීරුවට මීටර් 40ක් දිග ප්‍රවේශ මාර්ගයක් ද ඉදි කෙරේ. නව පාලම ප්‍රදේශයේ වගුරු බිම්වලට හානි නොවන පරිදි කණු මත ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මෙම නව පාලම ඉදිකිරීමත් සමග පාර්ලිමේන්තු පාරේ සහ කෝට්ටේ දෙසින් පැමිණෙන වාහනවලට නාවල ප්‍රදේශයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතර රාජගිරිය මාර්ගයේ පවතින රථවාහන තදබදයට සහනයක් ලැබෙන බව එම මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ ය.
වෙනත් ලිපි
සමුද්‍රවිජය යුද නෞකාව නාවික හමුදාව යටතේ අධිකාරියට
සලේගේ රෝගී තත්ත්වය ගැන සොලිසිටර් ජනරාල් කියයි
අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂ රිමාන්ඩ්..
ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට
ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් 3ක් මරුට...
ගම්මැද්ද Rebuild තෙවැනි අදියර බදුල්ලේදී...
විශේෂාංග
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
බදු වංචා චෝදනාවලින් ශකීරා නිදොස් කොට නිදහස්
කිමිදුම්කරුවන් 4 දෙනාගේ සිරුරු සොයාගැනේ!
මාලදිවයිනේ ඩයිවිං ඛේදවාචකයෙන් 6ක් ජීවිතක්ෂයට
සිරස මාධ්‍ය ජාලය සහ මැකාවුහි TDM අතර ගිවිසුමක්
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
බදු වංචා චෝදනාවලින් ශකීරා නිදොස් කොට නිදහස්
කිමිදුම්කරුවන් 4 දෙනාගේ සිරුරු සොයාගැනේ!
මාලදිවයිනේ ඩයිවිං ඛේදවාචකයෙන් 6ක් ජීවිතක්ෂයට
සිරස මාධ්‍ය ජාලය සහ මැකාවුහි TDM අතර ගිවිසුමක්
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය