මධ්‍යම අධිවේගයේ නොමිලේ යන්න අවස්ථාවක්

පැය 12කට මධ්‍යම අධිවේගයේ නොමිලේ යන්න අවස්ථාවක්

by Staff Writer . 15-01-2022 | 9:41 PM

COLOMBO (NEWS1ST) :  මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා අද (15)මධ්‍යම රාත්‍රියේ සිට හෙට(16) දහවල් 12.00 දක්වා වාහනවලට නොමිලේ ගමන් කිරීමට අවසර ලැබෙන මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

මධ්‍යම අධිවේගි මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස අද(15) සවස ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.