by Staff Writer . 15-01-2022 | 6:30 PM
COLOMBO (NEWS1ST) : මුහුදු පතුලේ දැවැන්ත ගිනි කඳු පිපිරීමක් හේතුවෙන් හටගත් සුනාමි රළ පැසිෆික් සාගරයේ ටොංගා රාජ්‍යයට කඩා වැදී තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝ දර්ශන උපුටා දක්වමින් BBC ලෝක සේවය වාර්තා කළේ, නිවාස කිහිපයක් හා දේවස්ථානයක් සුනාමි රළ පහරට හසුව ඇති බවය.